Friday, September 11, 2026
Homeදේශීයයතුරු පැදියක් ටිපර් රථයක ගැටී තරුණයෙකු මරුට (PHOTO)

යතුරු පැදියක් ටිපර් රථයක ගැටී තරුණයෙකු මරුට (PHOTO)

තරුණයින් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් ටිපර් රථයක වැදීමෙන් ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.

අනුරාධපුර දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදිය අනුරාධපුර දෙස සිට පැමිණි ටිපර් රථයක බඳ ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තරුණයින් දෙදෙනා ප්‍රදේශවාසින් විසින් ගලෙන්බිඳුණුවැව රෝහලට ගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරු පැදිය පැදවූ තරුණයා මිය ගොස් තිබෙනවා.

බරපතළ තුවාල ලබා ඇති අනෙක් තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා .

යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක ඩිලාන් ශ්‍රීමාල් නැමති තරුණයෙක්.

READ:   දවසේ විදුලි කප්පාදුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්