Monday, August 10, 2026
Homeදේශීයතංගල්ල ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට

තංගල්ල ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට

2023.08.15 දින තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු ඊයේ (20) දහවල් බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී සැකකරු බලපිටිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

එහිදී සැකකරු සන්තකයේ තිබී හේරොයින් ග්‍රෑම් 20ක් සහ වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේ ගිනි අවිය රැගෙන ගිය මල්ල ද හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වූ බලපිටිය ප්‍රදේශයේ පදිංචි ආරක්ෂක අංශ සෙබලෙකු බවයි වාර්තා වන්නේ.

සැකකරු ඊයේ (20) තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 06 ක රැඳවුම් නියෝග ලබා ගෙන තිබෙනවා.

තංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   තලංගම ලැඟුම්හලකින් මනෝ වෛද්‍ය උපදේශකවරියකගේ සිරුරක් හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්