Wednesday, June 24, 2026
Homeදේශීයමේ යන්නේ තමන්ගේ අන්තිම ගමන බව අධ්‍යාපන චාරිකාවේ ආව සිසුවාට හිනෙන්වත් හිතෙන්න...

මේ යන්නේ තමන්ගේ අන්තිම ගමන බව අධ්‍යාපන චාරිකාවේ ආව සිසුවාට හිනෙන්වත් හිතෙන්න නැතුව ඇති.

හබරාදූව පොලිස් වසමේ රූමස්සල කන්ද දෙසට ගමන් කිරීමට ඇති අතුරු මාර්ගයකදී දහම් පාසලක සිසුන් රැගත් බස් රථයක සිටි සිසුවෙකු අනතුරකට ලක්ව තිබෙනවා.

ඊයේ (20) සවස කුලියාපිටිය ප්‍රදේශයේ සිට අධ්‍යාපන චාරිකාවක පැමිණ ඇති දහම් පාසල් බස් රථයේ පසුපස අසුනේ සිටි සිසුවෙකු ජනේලයෙන් පිටතට හිස දැමීමේදී විදුලි රැහැන් කණුවක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 ක් වූ උඩුබද්දාව, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.

අනතුර සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   මහජන උපයෝගිතා කොමිසමෙන් රටක් වටින ආදර්ශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්