file
දවසින් දවස වගා හානිය වැඩි වන බවත් ගත යුතුව තිබ තීරණ නිවැරදි වෙලාවට ගත්තනම් සාමූහිකව ගොවි ජනතාව මේ තරම් අන්ත අසරණ නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඒ හේතුවෙන් මෙරට ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙම වසරේ රජයට ගෙවීමට සිදුවී ඇති බව ඒ මහතා සඳහන් කළා.
පෙරේදා (17) ගාල්ලේ පැවැති උත්සවයකට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසුවා.
මේ අතර 2023 යල කන්නයේ ඊයේ (18) වනවිට සිදුව ඇති වගා හානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අමාත්‍යවරයා වෙත ලබා දී තිබෙනවා.
ඒ අනුව ගත වූ පැය විසිහතර තුළ වී, මිරිස්, බඩඉරිගු, ලොකු ලූණු හා අර්තාපල් ඇතුළු අනෙකුත් බෝග සම්බන්ධව සිදුවූ වගා හානි නියඟය හා වනඅලි නිසා සිදුව ඇති බව වාර්තා කර තිබෙනවා.
කෙසේ වුව ද අද දිනය වනවිට වාර්තා වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 45,924.21 දක්වා ඉහළ ගොස් ඇති අතර හානි සිදුවූ ගොවීන් සංඛ්‍යාව 40,527 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙනවා.
මේ වනවිට වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තාවන අතර එය අක්කර 22,718 ක්. දෙවැනි ස්ථානයට වැඩිම වගා හානි වාර්තා වන්නේ උඩවළව කළාපයෙන්. එය අක්කර 14,667.75ක්.
වගා හානි සිදුවු වැඩිම ගොවීන් ප්‍රමාණය තවදුරටත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 27,340ක් බව සඳහන් වෙනවා. උඩවලවේ කලාපයෙන් වාර්තා වන වගා හානි සිදුවූ ගොවීන් ප්‍රමාණය 5867ක්.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…