දේශීය

තීරණ නිවැරදි වෙලාවට ගත්තනම් ගොවි ජනතාව මෙච්චර අන්ත අසරණ වෙන් නෑ – කෘෂිකර්ම ඇමති

දවසින් දවස වගා හානිය වැඩි වන බවත් ගත යුතුව තිබ තීරණ නිවැරදි වෙලාවට ගත්තනම් සාමූහිකව ගොවි ජනතාව මේ තරම් අන්ත අසරණ නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ හේතුවෙන් මෙරට ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙම වසරේ රජයට ගෙවීමට සිදුවී ඇති බව ඒ මහතා සඳහන් කළා.

පෙරේදා (17) ගාල්ලේ පැවැති උත්සවයකට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසුවා.

මේ අතර 2023 යල කන්නයේ ඊයේ (18) වනවිට සිදුව ඇති වගා හානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අමාත්‍යවරයා වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය විසිහතර තුළ වී, මිරිස්, බඩඉරිගු, ලොකු ලූණු හා අර්තාපල් ඇතුළු අනෙකුත් බෝග සම්බන්ධව සිදුවූ වගා හානි නියඟය හා වනඅලි නිසා සිදුව ඇති බව වාර්තා කර තිබෙනවා.

කෙසේ වුව ද අද දිනය වනවිට වාර්තා වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 45,924.21 දක්වා ඉහළ ගොස් ඇති අතර හානි සිදුවූ ගොවීන් සංඛ්‍යාව 40,527 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙනවා.

මේ වනවිට වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තාවන අතර එය අක්කර 22,718 ක්. දෙවැනි ස්ථානයට වැඩිම වගා හානි වාර්තා වන්නේ උඩවළව කළාපයෙන්. එය අක්කර 14,667.75ක්.

වගා හානි සිදුවු වැඩිම ගොවීන් ප්‍රමාණය තවදුරටත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 27,340ක් බව සඳහන් වෙනවා. උඩවලවේ කලාපයෙන් වාර්තා වන වගා හානි සිදුවූ ගොවීන් ප්‍රමාණය 5867ක්.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

12 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago