Sunday, April 19, 2026
Homeදේශීයතීරණ නිවැරදි වෙලාවට ගත්තනම් ගොවි ජනතාව මෙච්චර අන්ත අසරණ වෙන් නෑ - කෘෂිකර්ම ඇමති

තීරණ නිවැරදි වෙලාවට ගත්තනම් ගොවි ජනතාව මෙච්චර අන්ත අසරණ වෙන් නෑ – කෘෂිකර්ම ඇමති

දවසින් දවස වගා හානිය වැඩි වන බවත් ගත යුතුව තිබ තීරණ නිවැරදි වෙලාවට ගත්තනම් සාමූහිකව ගොවි ජනතාව මේ තරම් අන්ත අසරණ නොවන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ හේතුවෙන් මෙරට ඉතිහාසයේ වැඩිම වගා හානි වන්දි ප්‍රමාණය මෙම වසරේ රජයට ගෙවීමට සිදුවී ඇති බව ඒ මහතා සඳහන් කළා.

පෙරේදා (17) ගාල්ලේ පැවැති උත්සවයකට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසුවා.

මේ අතර 2023 යල කන්නයේ ඊයේ (18) වනවිට සිදුව ඇති වගා හානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් අමාත්‍යවරයා වෙත ලබා දී තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය විසිහතර තුළ වී, මිරිස්, බඩඉරිගු, ලොකු ලූණු හා අර්තාපල් ඇතුළු අනෙකුත් බෝග සම්බන්ධව සිදුවූ වගා හානි නියඟය හා වනඅලි නිසා සිදුව ඇති බව වාර්තා කර තිබෙනවා.

කෙසේ වුව ද අද දිනය වනවිට වාර්තා වී ඇති වගා හානි ප්‍රමාණය අක්කර 45,924.21 දක්වා ඉහළ ගොස් ඇති අතර හානි සිදුවූ ගොවීන් සංඛ්‍යාව 40,527 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වෙනවා.

මේ වනවිට වැඩිම වගාහානි ප්‍රමාණය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තාවන අතර එය අක්කර 22,718 ක්. දෙවැනි ස්ථානයට වැඩිම වගා හානි වාර්තා වන්නේ උඩවළව කළාපයෙන්. එය අක්කර 14,667.75ක්.

වගා හානි සිදුවු වැඩිම ගොවීන් ප්‍රමාණය තවදුරටත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 27,340ක් බව සඳහන් වෙනවා. උඩවලවේ කලාපයෙන් වාර්තා වන වගා හානි සිදුවූ ගොවීන් ප්‍රමාණය 5867ක්.

READ:   රුපියල් මිලියන 300ක් වැය කර දුම්රිය කෞතුකාගාරයක් සෑදීමට යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්