Tuesday, April 21, 2026
Homeදේශීයඅද ප්‍රදේශ කිහිපයකට වැසි

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද (19) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

READ:   සුනාමි ව්‍යවසනය සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්