ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයනය සීමා ඉවත්කීරීමත් සමග එම භාණ්ඩවල මිල සීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔවුන් ජනාධිපතිවරයා ඇතුළු රජයට සිය ස්තූතිය පුද කර සිටියා.
කෙසේ වෙතත් මෙරටට ගෙන්වන ටයිල් නිෂ්පාදනය සඳහා යළිත් තීරු බද්දක් එකතු කිරීමට හදන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
දැනට ක්‍රියාත්මක 115% ගෙවන තීරු බද්ධ යළි වැඩි කරන්නට යන්නේ එක්තරා ටයිල් නිෂ්පාදන සමාගමක වුවමනාවකට බව ඔවුන් අනාවරණය කර සිටියා.


