Monday, April 20, 2026
Homeදේශීයඑයාලත් ලෝකෙන් යන්නම යයි?

එයාලත් ලෝකෙන් යන්නම යයි?

නීත්‍යානුකූල ඇත්දළ වෙළඳාම අවසන් කළ යුතු බව ජාතීන් 100කට වැඩි ප්‍රමාණයක් පවසති.

file

සාමාජික රටවල් දේශීය ඇත්දළ අලෙවිය නියාමනය කරනවා වෙනුවට අවසන් කිරීමට එකඟ විය. අත්අඩංගුවට ගත් ඇත්දළ තොග විනාශ කිරීම ශක්‍ය විකල්පයක් බව CITES ප්‍රථම වරට නිවේදනය කළ අතර එය රටවල් 22 ක් දැනටමත් ගෙන ඇති පියවරකි.

file

ගාඩියන් පුවත්පතට අනුව 2007 සිට 2014 දක්වා කාලය තුළ සැවානා අලි ඇතුන් පමණක් 140,000 කට වැඩි ප්‍රමාණයක් ඇත්දළ සඳහා දඩයම් කර ඇත. සාමාන්‍යයෙන් සෑම විනාඩි 15කට වරක් එක් අලියෙක් මිය යයි.

ඇත් දළවලින් සාදන ලද පෞරාණික ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය දේශීය වශයෙන් මිලදී ගැනීමට සහ විකිණීමට ඇතැම් රටවල් අවසර දී ඇතත්, ජාත්‍යන්තරව ඇත් දළ වෙළඳාම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

file

සටහන අයිතිය:රනිල් මුදුන්කොටුව
Ranil Mudunkotuwa page

READ:   මි.මී. 100 ඉක්ම වූ තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්