දේශීය

වෛද්‍යවරුන්ගේ සේවා කාලය ගැන විශේෂ තීරණයක්

විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටලුවට පිළියමක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ පියවරවල් දෙකක් ගෙන තිබෙනවා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

යම්කිසි වෛද්‍යවරයෙකු සම්පූර්ණ වී විශ්‍රාම ගත්තද එම රෝහලට අනුප්‍රාප්තික විශේෂඥ වෛද්‍යවරයෙකු පැමිණෙන්නේ නැතිනම් ඒ වෙනුවට මුලින් සිටි වෛද්‍යවරයාට තවදුරටත් සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඒ කොන්ත්‍රාත් පදනම මතයි.

එහිදී වැටුප්, අතිකාල සහ ඇනිකුත් දීමනා සහ පහසුකම් සියල්ල ලබා දෙන බවත් දුර බැහැර නම් නිල නිවාස ලබා දීමටත් කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

9 hours ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

1 day ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

2 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

2 days ago