Sunday, September 13, 2026
Homeදේශීයවෛද්‍යවරුන්ගේ සේවා කාලය ගැන විශේෂ තීරණයක්

වෛද්‍යවරුන්ගේ සේවා කාලය ගැන විශේෂ තීරණයක්

විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටලුවට පිළියමක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ පියවරවල් දෙකක් ගෙන තිබෙනවා.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

යම්කිසි වෛද්‍යවරයෙකු සම්පූර්ණ වී විශ්‍රාම ගත්තද එම රෝහලට අනුප්‍රාප්තික විශේෂඥ වෛද්‍යවරයෙකු පැමිණෙන්නේ නැතිනම් ඒ වෙනුවට මුලින් සිටි වෛද්‍යවරයාට තවදුරටත් සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා.

ඒ කොන්ත්‍රාත් පදනම මතයි.

එහිදී වැටුප්, අතිකාල සහ ඇනිකුත් දීමනා සහ පහසුකම් සියල්ල ලබා දෙන බවත් දුර බැහැර නම් නිල නිවාස ලබා දීමටත් කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවා.

READ:   ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්