Sunday, July 26, 2026
Homeක්‍රීඩාලහිරු තිරිමාන්න ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

ලහිරු තිරිමාන්න ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්

සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩා වලින් සමුගන්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ලහිරු තිරිමාන්න විසින් කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය ඒ බව පවසා සිටිනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 කට ක්‍රීඩා කර ඇති ලහිරු තිරිමාන්න එක්දින තරග 127කට සහ විස්සයි විස්ස තරග 26කට සිය දායකත්වය දක්වා තිබෙනවා.

අවසන් වරට 2019 දී ලහිරු තිරිමාන්න පාකිස්තානය ට එරෙහිව සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළා.

සියලුම ආකාරයේ තරගවලින් තිරිමාන්න රැස් කරගෙන ඇති ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව 5500 සීමාව ඉක්මවනවා.

file
READ:   සවුදි සොහොයුරියන්ගේ අබිරහස් මරණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්