කඩවත පොලිස් වසමේ රාගම මාර්ගයේ, ගුවන් පාලම අසල ඇලේ මළ සිරුරක් ඇති බවට තොරතුරක් ලැබී තිබෙනවා.
ඊයේ (16) උදෑසන පොලිසියට මෙම තොරතුර ලැබී තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 55ත් 60ත් අතර පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.
ඔහු කොණ්ඩය කොටට කපා ඇති අතර අත් කොට ෂර්ට් එකක් හා කොල පැහැති සරමක් ඇඳ සිටින, මුහුණ පුරා රැවුල වවා ඇති පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගෙන නැහැ.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
කඩවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.


