Wednesday, June 3, 2026
Homeදේශීයමාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද CID කැදවයි. හේතුව තවම අභිරහසක්..?

මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද CID කැදවයි. හේතුව තවම අභිරහසක්..?

The life Traveler  යුටියුබ් නාලිකාවේ දේශපාලන වැඩ සටහන් ඉදිරිපත් කරන මාධ්‍යවේදී ධනංජය නාරංබැද්ද (Dhananjaya Naranbadda ) 2022/ 10/ 26 වැනි බදදා පෙරවරු 10 . 30ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ( CID ) හමුවේ පෙනි සිටිමට නියමිතයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් ධනංජය නාරංබැද්දහට පෙනි සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට සඳහන් කළද ඊට හේතුව මෙතෙක් නිෂ්චිතව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් දන්වා නොමැත.

කෙසේ වෙතත් තිළිණි ප්‍රියමාලිගේ මුල්‍ය වංචාවලට අදාල ඇතැම් පුද්ගලයින්ගේ නම් මුල්වරට හේලිදරව් කරන ලද්දේ  මාධ්‍යවේදී  ධනංජය නාරංබැද්ද විසිනි.
එමෙන්ම  WTC ගොඩනැගිල්ලේ පවත්වාගෙන යන තවත් මතබේදාත්මක සමාගමක් පිළිබඳව ද  කරුණු අනාවරණය කර තිබු අතර එම සමාගම සම්බන්දයෙන් මේ වන විටත් CID එක හමුවේ ද පැමිණිලි ඉදිරිපත් වි තිබේ.
මේ අතර මිට සති කිහිපයකට පෙර පොලිස්පතිවරයා විසින් අරගලය දඩමිමා කරගනිමින් ඇතැම් ස්ථානාධිපතිවරුන් මාරු කිරිම සම්බන්දයෙන් ද ධනංජය අදහස් පළ කළ තිබු අතර කලුගල් පිපිරීම සදහා යොදා ගන්නා ඇමෝනියම් නයිට්‍රේට් (වෙඩ් බෙහෙත් ) ආනයනය ආරක්ෂක අමාත්‍යාංශ මැදිහත්ව පුද්ගලික අංශයට ලබා දි ඇති බවට හා එහි මිළ ගණන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් තිරණය කර ඇති බවටද ධනංජය විසින් තොරතුරු අනාවරණය කර තිබුණි.
එමෙන්ම රඹුක්කන විරෝදතාව අතර තුර පොලිස් වෙඩ් පහරින් මිය ගිය තරුණයා සම්බන්ද සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වැරදි කරු කිරිමේ CID කුමන්ත්‍රණයක් මැයෙන්ද..? පසුගියදා ධනංජය විසින් කරුණු අනාවරණය කර තිබුණි.

READ:   හෙට සිට වෙනස් වෙන කාලගුණය ගැන දැනුවත්ද?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්