Wednesday, July 29, 2026
Homeදේශීයඉඩමක් නිසා මල්ලී අයියට කැත්තෙන් කොටලා ඝාතනය කරලා

ඉඩමක් නිසා මල්ලී අයියට කැත්තෙන් කොටලා ඝාතනය කරලා

සූරියවැව පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක ආයුධයකින් පහරදීමක් හේතුවෙන් කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (16) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ දකුණු කඬවර, කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙය එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් බාල සහෝදරයා විසින් වැඩිමහල් සහෝදරයාට කැත්තකින් පහරදී සිදු වු ඝාතනයක් බව අනාවරණය වී තිබෙනවා.

පහරදීම සිදුකළ වයස අවුරුදු 24ක් වූ සැකකරු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සූරියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි

READ:   මෙරට පළමු Potato Chips කර්මාන්ත ශාලාවේ අත්හදාබැලීම් සාර්ථකයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්