Saturday, July 11, 2026
Homeදේශීයතබ්බෝව රක්ෂිතය ගිනි ගනී: අක්කර ගානක් විනාශයි..

තබ්බෝව රක්ෂිතය ගිනි ගනී: අක්කර ගානක් විනාශයි..

සාලියවැව පොලිස් වසමේ තබ්බෝව රක්ෂිතයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (16) සවස් කාලයේ මෙම ගින්න හටගෙන ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

පොලීසිය, යුද හමුදාව හා කරුවලගස්වැව අඩවි වන කාර්යාලයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්න හේතුවෙන් අක්කර 50ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

ජීවිත හා දේපල හානි කිසිවක් වාර්තා නොවන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සාලියවැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   සුමන්තිරන්ගේ පොලිස් විශේෂ ආරක්ෂාව ඉවත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්