Friday, April 17, 2026
Homeදේශීයපිට රටින් වෛද්‍යවරු ගෙන්වීමට වෙන අවදානමක්?

පිට රටින් වෛද්‍යවරු ගෙන්වීමට වෙන අවදානමක්?

පවතින වෛද්‍යවරුන්ගේ හිගයට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් විශේෂඥ වෛද්‍ය සේවාව පිටරටවලින් ලබා ගැනීමට සිදුවෙනු ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

වෛද්‍යවරුන් අඩුවීම නිසා ප්‍රතිකාර ලබා දෙන ස්ථානයන්වල නියමිත වෛද්‍යවරුන් ගණන පවත්වා ගෙන යාම දුශ්කරව ඇති බව එම සංගමයේ විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා.

මෙම තත්ත්වය දිගටම පැවතුනොත් තත්ත්වය සංකෝචනය කිරීම හැර වෙන විකල්පයක් නැති බව ඒ මහතා පෙන්වා දෙනවා. එසේත් නැතිනම් පිටරටින් වෛද්‍යවරුන් ගෙන්වා ගැනීමට සිදුවන බව ඒ මහතා පවසනවා.

එවැනි අවශ්‍යතාවක් දැනට නැති බවත් එහෙත් වෛද්‍යවරුන් අඩුවීමේ ප්‍රවණතාව දිගටම පැවතුනොත් තව වසර කිහිපයක දී එවැනි විකල්පයකට යෑමට සිදු වන බව ඔහු සඳහන් කළා.

රජය පනවා ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තිය වෛද්‍යවරුන් රට හැර යෑමට ප්‍රධානම හේතුව බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

READ:   යුද හමුදා බස් රථයක ගැටී දැරියක් මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්