Saturday, July 11, 2026
Homeදේශීයගිනිබෝල කැරකූ පූසාරිවරයා ගිනි ඇවිලී මියයයි

ගිනිබෝල කැරකූ පූසාරිවරයා ගිනි ඇවිලී මියයයි

අගලවත්ත,තැන්නහේන ශ්‍රී මුත්තුකුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික පත්තිනි අම්මාන් වේල් පෙරහැර උත්සවයේ දී සිරුරට ගිනි ඇවිළීමෙන් පූසාරිවරයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

ප්‍රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පූසාරිවරයා මියගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක් වූ ශිව ශී සුන්දරේශන් නැමති කුරුක්කල් තනතුර දරන පුද්ගලයෙකි.

ඔහු කෝවිල් උත්සවයේදී පන්දම් පත්තුකර නර්තනයේ යෙදිමින් සිටියදී පන්දමින් එකවරම ඇඳසිටි ඇඳුමට ගිනි ඇවිලි අනතුරුව හිසට දමා සිටි බොරු කොණ්ඩයට ද ගිනි ඇවිළී මුළු ශරීරයම ගිනි ජාලාවකින් වෙළී ඇති බව පොලිසිය පැවසුවා.

READ:   තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්