Friday, April 17, 2026
Homeදේශීයබස් රථයක ගැටී කාන්තාවක් මරුට

බස් රථයක ගැටී කාන්තාවක් මරුට

අද (14) උදෑසන මහියංගනය පොලිස් වසමේ, මහියංගනය සිට මහනුවර දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට මහවැලි පාලම ආසන්නයේ දී මාර්ගය හරහා ගමන් ගත් පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව මහියංගනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ දැහැමිගම, කොලොංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගනය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   රට බංකොලොත් කළ කණ්ඩායම නඩත්තු කරන්න අයවැයෙන් මුදල් වෙන්කරලා?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්