Friday, April 17, 2026
HomeදේශීයUPDATE: බිළිඳා ගේ මරණය ගැන රෝහල කරුණු කියයි..

UPDATE: බිළිඳා ගේ මරණය ගැන රෝහල කරුණු කියයි..

දරු ප්‍රසූතියේදී බිළිඳා බිමට වැටීම නිසා මියගිය බවට එම දරුවාගේ මව්පියන් චෝදනා කරනවා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ ප්‍රසූතියකින් පසු අලුත උපන් මෙම දරුවා මිය ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා මාධ්‍ය වෙත කරුණු දක්වා සිටියා..

“මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමේදී. නොසැලකිල්ල පිළිබඳව කරුණු පේන්න තිබුණේ නැ.මේක ඉතා විරලව සිදුවන සහ අවාසනාවන්ත සිදුවීමක්.”

“සාමාන්‍ය දරු ප්‍රසූතියකට විනාඩි විස්සක විතර කාලයක් යනවා.නමුත් සමහර අවස්ථා තියෙනවා එකවරම දරුවා විදලා එලියට එන.ඉතාම විරල වශයෙන්. ඒක ඒ එන අවස්ථාව අපිට කියන්න බෑ..සමහර වෙලාවට.”

“හිදිසියේ බලාපොරොත්තු නැති අවස්ථාවකදී එහෙම දරුවා එනකොට සමහර වෙලාවට ඒ දරුවා එළියෙදි අල්ල ගන්න යනකොට දුශ්කරතා මතුවෙන්න පුළුවන්.මේකත් එවැනි අවස්ථාවක්.”

READ:   අයවැය තීරණාත්මක ඡන්ද විමසීම අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්