කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පානිය ජලය ලබා දෙන ප්‍රධාන ගංඟාවක් වන කැලණි ඟගේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහල යමින් පවතිනවා.
ඒ පවතින වියළි කාලගුණය හේතුවෙන්.
මේ අතර පානීය ජලයට ලවන එක්වීමේ අවධානමක් ද පවතින බව වාර්තා වෙනවා.
තත්වය මඟ හරවා, පිරිපහදු කිරීමට අවශ්‍ය ජල මට්ටම පවත්වා ගැනීම සඳහා කැලණි ගඟ හරස් කොට තාවකාලික වැලි කොට්ට බැම්මක් ද ඉදිකර තිබේ.
මේ හේතුවෙන් පිරිපහදු කර ලබා දෙන ජලය වඩාත් අරපිරිමැස්මෙන් යුතුව භාවිත කරන ලෙස ජල සම්පාදනය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


