දේශීය

සමාන්‍ය පෙළ විභාගය වෙනස් කිරීමේ තීරණයක්

ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවත් එම වසරක කාලය ආපස්සට ගෙන යළි 10 ශ්‍රේණියේ දී ම සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ ව මේ වන විට අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනීයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බව ඒ මහතා සඳහන් කරනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

මෙම කාර්යය එක වර කළ නොහැකි බැවින් 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෂේඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක් යටතේ එම වෙනස සිදුකිරීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago