Monday, April 20, 2026
Homeදේශීයසමාන්‍ය පෙළ විභාගය වෙනස් කිරීමේ තීරණයක්

සමාන්‍ය පෙළ විභාගය වෙනස් කිරීමේ තීරණයක්

ආරම්භක යුගයේ දී සාමාන්‍ය පෙළ විභාගයට සිසුන් මුහුණ දුන්නේ 10 ශ්‍රේණියේ දී වුවත් පසුකලක දී එය 11 වසර දක්වා වසරකින් දිගු වූ බවත් එම වසරක කාලය ආපස්සට ගෙන යළි 10 ශ්‍රේණියේ දී ම සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ ව මේ වන විට අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඉදිරියේ දී අධ්‍යාපන පරිවර්තනීයේ දී මෙම කටයුත්ත පිළිබඳව ද සලකා බැලීමට නියමිත බව ඒ මහතා සඳහන් කරනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.

මෙම කාර්යය එක වර කළ නොහැකි බැවින් 1, 6 හා 10 ශ්‍රේණිවලින් ආරම්භ වන සේ ප්‍රාථමික, කණිෂ්ඨ ද්විතීයක, ජ්‍යෂේඨ ද්විතීයක වශයෙන් වූ වර්ගීකරණ අවස්ථා තුනක් යටතේ එම වෙනස සිදුකිරීමට අපේක්ෂිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

READ:   BREAKING NEWS: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සම්පූර්ණයි - මහ බැංකුව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්