Monday, July 20, 2026
Homeදේශීයනිවස අසලදී පාසල් සිසුවෙක් මරුට

නිවස අසලදී පාසල් සිසුවෙක් මරුට

file

ඉපලෝගම මහඉලුප්පල්ලම ප්‍රදේශයේදී මෝටර් රථයක් හා පා පැදියක් ඊයේ (16) මුහුණට මුහුණ ගැටීමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු එම ස්ථානයේදීම ජීවීතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහඉලුප්පල්ලම කුඹුක්කැන්ද ප්‍රදේශයේ පදිංචි කැකිරාව මධ්‍ය විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසී මාධ්‍යයෙන් ඉගෙනුම ලබන පුෂ්පික කසුන්ත සමරතුංග නම් සිසුවෙකි.

මහඉලුප්පල්ලම ප්‍රදේශයේම පවතින තොරතුරු තාක්ෂණ විෂයට අදාළ උපකාරක පන්තියක් නිමවී නිවසට තමන්ගේ පා පැදියෙන් පැමිණෙමින් සිටියදී වූ මෙම අනතුරට ලක්ව ඇත.

එම සිසුවාගේ නිවසට මීටර 500 ක පමණ දුරින් මෙම අනතුර සිදුව ඇත.

සිසුවාගේ ඉදිරියෙන් පැමිණි මෝටර් රථය , සිසුවාගේද ගැටී මාර්ගයෙන් ඉවතට පැණ පෙරලීගොස්, අසල තිබූ දුරකථන කණුවකද ගැටී නතර වී තිබේ.

READ:   ඉන්දීය විදේශ ලේකම් දිවයිනට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්