බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය 3-2ක් ලෙස ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්වුණා.
තරග 5කින් යුත් තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය කොදෙව්වන් කඩුලු 08කින් ජය ගත්තේ ප්‍රබල ඉන්දියාවට පරාජය උරුම කර දෙමින්.
තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
Suryakumar Yadav පන්දු 45ක් තුළ ලකුණු 61ක් රැස් කළා.
Tilak Varma ලකුණු 27 යි.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ Romario Shepherd කඩුලු 04ක් දවා ගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 166ක ඉලක්කයක් හබා ගිය කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 171 ක් ලබා ගනිමින් තරගය ජයගත්තා.
ඒ ගරගයේ තවත් පන්දුවාර දෙකක් ඉතිරිව තිබියදී.
කැපීපෙනෙන ඉනිමක් ක්‍රීඩා කළ Brandon King පන්දු 55කදී නොදැවී ලකුණු 85ක් රැස් කළා.
Nicholas Pooran ලකුණු 47 යි.



