දේශීය

මහින්ද ක්‍රිකට් ගහයි: රාජපක්ෂගෙන් සුපිරි පහරක් (ඡායාරූප)

මහින්ද රාජපක්ෂ අභියෝගතා ශූරතා ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම තරගාවලිය සඳහා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

නාමල් රාජපක්ෂ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා ඇතුළු පිරිසක් ඒ අතර වූවා.

මෙහිදී හිටපු ජනාධිපති මෙන්ම හිටපු අගමැතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා ද ක්‍රීකට් ක්‍රීඩාවේ නිරත වුණා.

රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තරග දෙකක් පවත්වා ඇති අතර එහිදී තරග දෙකම ජයගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම සමත්ව තිබේ.

තරගාවලියේ වීරයා ගයාශාන් මන්ත්‍රීවරයා යි. හොඳම පන්දු රකින්නා වශයෙන් සී.බී රත්නායක මන්ත්‍රීවරයා තේරී පත් වුණා.

හොඳම පිතිකරු බවට තේරී පත් වුණේ ඩබ්ලිව්.ඩී. වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යි.

හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා කුසලානය දිනා ගෙන ඇත.

file
file
file
file

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

4 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

4 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

2 weeks ago