දේශීය

මහින්ද ක්‍රිකට් ගහයි: රාජපක්ෂගෙන් සුපිරි පහරක් (ඡායාරූප)

මහින්ද රාජපක්ෂ අභියෝගතා ශූරතා ක්‍රිකට් තරගාවලිය අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම තරගාවලිය සඳහා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

නාමල් රාජපක්ෂ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා ඇතුළු පිරිසක් ඒ අතර වූවා.

මෙහිදී හිටපු ජනාධිපති මෙන්ම හිටපු අගමැතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා ද ක්‍රීකට් ක්‍රීඩාවේ නිරත වුණා.

රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් තරග දෙකක් පවත්වා ඇති අතර එහිදී තරග දෙකම ජයගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම සමත්ව තිබේ.

තරගාවලියේ වීරයා ගයාශාන් මන්ත්‍රීවරයා යි. හොඳම පන්දු රකින්නා වශයෙන් සී.බී රත්නායක මන්ත්‍රීවරයා තේරී පත් වුණා.

හොඳම පිතිකරු බවට තේරී පත් වුණේ ඩබ්ලිව්.ඩී. වීරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යි.

හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා කුසලානය දිනා ගෙන ඇත.

file
file
file
file

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago