file
මෙරට තුළ චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සංගීත හා ප්‍රාසාංගික දර්ශන පැවැත්වීම සඳහා අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින්.
ඒ අනුව මෙරට තුළ පූර්ව ප්‍රචාරක පටය ද සහිතව විදේශීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අදාළ සංශෝධිත ගාස්තුව, රුපියල් 40,000ක්.
පූර්ව ප්‍රචාරක පටය ද සහිතව දේශීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සඳහා අදාළ නව බලපත්‍ර ගාස්තුව දැක්වෙන්නේ රුපියල් 15,000ක් ලෙසයි.
ඉහත කාර්යන් සඳහා සිනමා ශාලා පහසුකම් සපයා ගැනීම සඳහා ද රුපියල් 37,500ක බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුයි.
දීර්ඝ වේදිකා නාට්‍යයක් සඳහා රුපියල් 1500 ක බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතු බව ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
දේශීය කලාකරුවන් සහභාගි වන එළිමහන් සංදර්ශනයක් සඳහා සංශෝධිත බලපත්‍ර ගාස්තුව රුපියල් 3750ක්.
දේශීය කලාකරුවන් සහභාගි වන ශාලාවක් තුළ සංදර්ශනයක් සඳහා නව බලපත්‍ර ගාස්තුව රුපියල් 3000ක්.
රූපවාහිනි නාලිකා මගින් සෘජුව සංවිධානය කරන සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා නව බලපත්‍ර ගාස්තුව සටහන් වන්නේ රුපියල් 37,500ක් ලෙසයි.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…