file
මෙරට තුළ චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ සංගීත හා ප්‍රාසාංගික දර්ශන පැවැත්වීම සඳහා අදාළ බලපත්‍ර ගාස්තු ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සනින්.
ඒ අනුව මෙරට තුළ පූර්ව ප්‍රචාරක පටය ද සහිතව විදේශීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට අදාළ සංශෝධිත ගාස්තුව, රුපියල් 40,000ක්.
පූර්ව ප්‍රචාරක පටය ද සහිතව දේශීය චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම සඳහා අදාළ නව බලපත්‍ර ගාස්තුව දැක්වෙන්නේ රුපියල් 15,000ක් ලෙසයි.
ඉහත කාර්යන් සඳහා සිනමා ශාලා පහසුකම් සපයා ගැනීම සඳහා ද රුපියල් 37,500ක බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතුයි.
දීර්ඝ වේදිකා නාට්‍යයක් සඳහා රුපියල් 1500 ක බලපත්‍ර ගාස්තුවක් ගෙවිය යුතු බව ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
දේශීය කලාකරුවන් සහභාගි වන එළිමහන් සංදර්ශනයක් සඳහා සංශෝධිත බලපත්‍ර ගාස්තුව රුපියල් 3750ක්.
දේශීය කලාකරුවන් සහභාගි වන ශාලාවක් තුළ සංදර්ශනයක් සඳහා නව බලපත්‍ර ගාස්තුව රුපියල් 3000ක්.
රූපවාහිනි නාලිකා මගින් සෘජුව සංවිධානය කරන සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා නව බලපත්‍ර ගාස්තුව සටහන් වන්නේ රුපියල් 37,500ක් ලෙසයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…