දේශපාලනය තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීමට තමන් දැඩි කැපවීමකින් කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්රණ පිළිබඳ අවධානය යොමු කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
ශිෂ්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100කට අධික සංඛ්‍යාවක් ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කොළඹ වරාය නගරය, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය නැරඹීමේ චාරිකාවකට එක්ව සිටි අතර ඔවුන් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ජනාධිපතිවරයා සමඟ සුහද හමුවකට ද එක් ව තිබෙනවා.
විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය සහ ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට එක්ව තිබේ.
ජනාධිපති කාර්යාලයේ ඉතිහාසය සහ මෙරට රාජ්‍ය පාලනයේ ප්‍රධාන තීන්දු තීරණ ගන්නා ස්ථානය ලෙස එහි ව්‍යුහය මෙන්ම කාර්යභාරය පිළිබඳ මෙහිදී සිසුවියන් වෙත පැහැදිළි කර ඇති ජනාධිපතිවරයා ඔවුන් විසින් නඟන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ද කටයුතු කර තිබෙනවා.
උසස් පෙළ සඳහා කලා විෂයන් හදාරණ සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වෙනත් විෂයයන් අධ්‍යයනය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එමඟින් 2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අවශ්‍ය අනාගත පරපුර නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මෙහීදී සඳහන් කළා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…