Thursday, May 14, 2026
Homeදේශීයඋපාධිධාරීන් 5,450ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනේ…

උපාධිධාරීන් 5,450ක් ගුරුවරුන් ලෙස බඳවා ගැනේ…

උපාධිධාරීන් 5,450 ක් ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි හා විදේශ භාෂා යන ප්‍රධාන විෂය ධාරා සඳහා පළාත් නාමයට අදාළව මෙම බඳවා ගැනීම් සිදුකරන බවත් එම බඳවා ගැනීම් පළාත් මගින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පවසා තිබේ.

මේ අතර ජාතික පාසල් සඳහා ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් බඳවාගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ඌව පළාතේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසු බව රජයේ නිල පුවත් අංශය වාර්තා කරනවා.

READ:   උසස් පෙළ සියලු උපකාරක පන්ති අදින් නවති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්