Friday, April 24, 2026
Homeක්‍රීඩාකැන්ඩි, ප්‍රබල ජැෆ්නා කින්ග්ස් පරාජය කරයි

කැන්ඩි, ප්‍රබල ජැෆ්නා කින්ග්ස් පරාජය කරයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ, බී ලව් කැන්ඩි සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 08කින් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම ඊයේ (05) සමත්වුණා.

බී ලව් කැන්ඩ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 දැවී රැස් කළේ ලකණු 117ක් පමණයි.

එහිදී දුනිල් වෙල්ලාලගේ නොදැවී ලකුණු 38ක් ලබාගත්තා.

කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 03 ක් බිඳහෙළීමට සමත් වුණා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 118ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායම පන්දුවාර 13ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.

නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 52 ක් රැස් කළා.

READ:   සකීබ් පන්දු යවන්න යද්දී පිටියට සර්පයෙක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්