Friday, April 24, 2026
Homeදේශීයදරුණු ආහාර හිඟයක් ගැන රජය අනතුරු අඟවයි..

දරුණු ආහාර හිඟයක් ගැන රජය අනතුරු අඟවයි..

දැනට පවතින නියං තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ සඳහා මුහුණ දීමට වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අඟුනකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩ‍සටහන තුළ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩසටහනට එක් වෙමින්.

Outreach Guarantee පුද්ගලික ආයතනය විසින් ආරම්භ කර ඇති තිරසාර කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ග්‍රාම සේවා වසම් 10ක පවුල් සඳහා මෙම ගෙවතු වගා වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන මේ වනවිට අතිශය සාර්ථක ප්‍රතිපල ලබා දී තිබෙන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

තිරසාර කෘෂිකර්ම වැඩසටහන මගින් ආරම්භ කළ එළවළු හා පලතුරු වගාවන් මෙන්ම කුකුළු පාලනය හා ගව පාලනය යටතේ ගොවි ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නංවාලීමට හැකියාව ලැබී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැකු්වූ අමාත්‍යවරයා ,

“ දැවැන්ත නියගයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමුවා. අපේ රටට සහල් අවශ්‍ය වුවහොත් මිල දී ගත්තේ ඉන්දියාවෙන්. නමුත් දැන් ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති නිසා අපිට සහල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. හැකියාව තිබුනත් සහල් ආනයනය කරන්න සල්ලිත් නැහැ.

ඒ වගේම අපේ රටේ ආහාර සංචිතයක් නැහැ. වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග ද අප සතුව නැහැ. ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සු ආහාර හිඟයට කොහොම මුහුණ දෙයිදැයි හිතාගන්නටවත් බැහැ.

නමුත් තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටලුවක් නැහැ. ඒ නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

“ මෙම තිරසර කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන ඉතාමත් සාර්ථකයි. මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවයි. ඒ සදහා අවශ්‍ය තාක්ෂණය, දැනුම, ඥාණය, පහසුකම් සියල්ල තිබෙනවා. නමුත් මෙවැනි වැඩ සටහනක් ආරම්භ කරන්නට තවමත් අපේ අයට හැකි වී නැහැ.”

ලබන සතියේ මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමග මේ සම්බන්ධව සාකච්ඡා කරනවා. මෙවැනි ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් අපිට ආහාර අර්බුදයට මුහුණ දිය හැකි යැයි ද යන්න..

READ:   බණ්ඩාරවෙලින් රටම ගොඩදාන්න පුලුවන් තුන්දෙනෙක්!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්