ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමුහිකයේ ක්‍රියාකාරීන් පිරිසක් අද (28) ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත පැමිණ තිබුණා.
ඖෂධ නියාමන අධිකාරියේ අක්‍රමිකතා හා වංචා හේතුවෙන් සිදුව ඇති හානි පිළිබඳව එහිදී ඔවුන් අධිකාරියෙන් තොරතුරු ඉල්ලා සිටියා.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පතනට අනුව එම තොරතුරු ඉල්ලා සිටින බව පැමිණ සිටි පිරිස ප්‍රකාශ කළා.
මෙහිදී එම ආයතනයට ඇතුළුවීමට ඔවුන් උත්සහ කළ අතර එහිදී ඊට පොලිසිය බාධා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
එහිදී අදහස් දැක්වූ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ විධායක මණ්ඩල සභික, නීති ශිෂ්‍ය දර්ශන තන්ත්‍රිගේ
“අද දවසේ දී අපි සිවිල් සංවිධාන කිහිපයක් සමඟ ආවා. තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත අනුව ඖෂධ නියාමන අධිකාරිය විසින් කරලා තියෙන අක්‍රමිකතා, වංචා නිසා සිද්ධ වෙච්ච හානි පිළිබඳ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ තොරතුරු ලබාගන්න. අපට ලැබිලා තියෙන තොරතුරු වලට අනුව මේ පිටිපස්සේ එකේ තියෙන ජාතික ඖෂධ තත්ත්වාරක්ෂණ පරීක්ෂණාගාරයේ පරීක්ෂණ කරන්න ඒකට ප්‍රමිති සහතිකයත් නෑ. එතකොට ඔය ප්‍රමිති සහතිකයවත් නැති ආයතනයක් තමයි ලංකාවට ගේන ඖෂධ ඒත් එක්ක ම වෛද්‍ය උපකරණ වල ප්‍රමිතිය හොයන්න. එතකොට අපට තියෙන තොරතුරු වලට අනුව පරමාණුක නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හෝ එහෙම නැත්නම් ඔහුගේ නියෝජිතයෙක් ඔය තාක්ෂණික කමිටුවේ ඉන්න ඕනේ. එහෙම කෙනෙකුත් නැතිව තමයි මේවා ගෙන්වන්නේ. ඉතින් මේ වගේ ඖෂධ බාල බෙහෙත් අනිත් පැත්තෙන් ගත්තා ම බාල, උපකරණ ගෙනාපු ඒවා සම්බන්ධව මේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට නිකුත් කරලා තියෙනවා විගණකාධිපතිවරයා වාර්තාවක්. එතකොට මේක නිකුත් කරපු දවසේ ඉඳන් අද වෙනකොට මේකේ කියපු දේවල් වල වෙනස්කම්, අඩුපාඩු හදා ගෙන ද කියලා දැන ගන්න තමයි අපි මෙතෙන්ට ආවේ.
“පහුගිය දවස්වල පේරාදෙණියෙත්, කෑගල්ලෙත්, තවත් තැන්වලත් රෝගීන් මියගියා. ඖෂධ වල තියෙන ගුණාත්මක භාවය නැතිව. එතකොට 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතේ හැටියට ඒ වගේ බාල බෙහෙත් බාල ඖෂධ ගෙනාපු සමාගමක් හරි පුද්ගලයෙක් හරි ඉන්නවා නම් ඔහුට විරුද්ධව දින අනූවක් ඇතුළත නඩු පවරන්න කටයුතු කරන්න ඕනේ මේ අධිකාරිය. එතකොට මෙන්න මේවා පිළිබඳ දැන ගන්න තමයි අපි ආවේ. මොකද වංචා රාශියක් මේකේ ඇතුළේ තියෙනවා. ඒ සමාගම් දීර්ඝ ලියාපදිංචිය අලුත් කරන්න ඕන එක වෙනුවට කරන්නේ අත්සනක් ගහලා එකක් ගහලා දින දීර්ඝ කරනවා. මේ වගේ තක්කඩි වැඩ තමයි මේ ආයතනය කරලා තියෙනවයි කියලා අපට තොරතුරු ලැබිලා තියෙන්නේ.”
“මේවා ගැන තොරතුරු දැන ගන්න ආපුව ම තොරතුරු දෙන්නේ නැතිව පොලිසිය ගෙනෙල්ලා මෙතන අපට යන්න නො දී විශාල ගාල ගෝට්ටියක් ඇති කළා. ඉතින් අපට දැන් සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපට දීලා තියෙන අයිතිවාසිකම් දිනා ගන්න තවත් සටන් කරන්න. අපට තියෙන තොරතුරු අනුව කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ සහෝදරයාගේ බෑණා තමයි මේ බාල ඖෂධ මාෆියාව පිටිපස්සේ ඉන්නේ. ඒ පිළිබඳ තොරතුරු හොයා ගන්න තමයි අපි ආවේ. මෙන්න මේ තොරතුරු එළවෙනවාට බයේ තමයි මෙහෙම පොලිසියෙන් දාලා අපි එන එක වළක්වලා තියෙන්නේ. අපි කියනවා ජනතාවට සහතික වෙනවා කූට මේ ජාවාරම්කාර ව්‍යාපාරික පන්තිය දූෂිත නිලධාරි පන්තිය. ත්‍රාඩ දේශපාලන පන්තියෙත් මේ කරන නාඩගම මියගිය රෝගීන්ගේ නාමයෙන් අපි සටන් කරනවා, මිනිසුන්ට ආර්ථික යුක්තිය රෝගීන්ට බෙහෙත් ටික නිසියාකාරව ලැබෙන සටන අඛණ්ඩව ගෙන යනවා යි කියන එක අපි කියනවා.”





