Wednesday, June 10, 2026
Homeදේශීයපුරන් කුඹුරු අස්වද්දන්න කැමති අයට රජයෙන් ආධාර

පුරන් කුඹුරු අස්වද්දන්න කැමති අයට රජයෙන් ආධාර

දිවයිනේ මේ වනවිට ඇති පුරන් කුඹුරු අස්වැද්දීමට පියවර ගන්නා පුද්ගලයින්ට මුලික බිම් සැකසීම සඳහා මුල්‍ය සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව පුරන් කුඹුරු අක්කරයක මුලික බිම් සැකසීම සඳහා රුපියල් 36,000ක මුදලක් සහනාධාරයක් වශයෙන් ලබා දීමට තීරණය කර ඇත.

අමාත්‍යවරයා පවසන්නේ, රටේ වැඩිපුරම පුරන් කුඹුරු දක්නට ලැබෙන්නේ බස්නාහිර පළාතේ බවත්, දැනට වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 40,000ක් බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව පෙනී යන බවත්, මින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඇති සමස්ත පුරන් කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 2749කි. ඉන් වගා කළ නොහැකි කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 1012ක් බව සඳහන් වෙනවා.

READ:   UPDATE: පොලිස් වෙඩි තැබීම: තුවාලකරු රෝහලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්