Saturday, April 18, 2026
Homeදේශීයමිලියන 70ක් පමණ වන මත්පෙති චොක්ලට් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

මිලියන 70ක් පමණ වන මත්පෙති චොක්ලට් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට

නෙදර්ලන්තය සහ ඇමෙරිකාවේ සිට මෙරටට එවන ලද රුපියල් මිලියන 70ක් පමණ වන මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

මෙම පාර්සල් නෙදර්ලන්තය හා ඇමරිකාවේ සිට කොළඹ , මහරගම හා පිලියන්දල යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයන් වෙත එවා ඇත.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සැක පිට පාර්සල් 9ක් පරික්ෂා කර තිබෙනවා.

විවෘත කරන ලද පාර්සල් තුළ එක්ටසි නැමැති මෙතන්පිටමයින් අඩංගු මත් පෙති 2000 ක්, kush නැමැති ගංජා විශේෂය 4kg, magic mushroom නැමැති මත් ද්‍රව්‍ය අඩංගු හතු විශේෂය 300g හා මත් ද්‍රව්‍ය අන්තර්ගත චොකලට් ප්‍රමාණයක් එහිදී හමුවූ බව එම නිලධාරීන් පවසනවා.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 70 කට ආසන්න බව තහවුරු කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිතයි.

file
file
file
READ:   ඉතිහාසයේ විශාලතම රන් ජාවාරම අල්ලයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්