file
මහ බැංකු බෝම්බයෙන් 91 ජීවිත නැතිකරපු එල්ටීටීඊ ත්‍රස්තවාදියකුට ජනාධිපති සමාව ලබා දුන් ආකාරයටම චෝදනා ලබාසිටින රණවිරුවන්ටත් ජනාධිපති සමාව දිය යුතුබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින්.
“මම දැක්කා අතිගරු ජනාධිපතිතුමන් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට ජනාධිපති සමාව ලබාදෙනවා විශේෂයෙන්ම මහ බැංකුවට බෝම්බ ගහලා 91 ජීවිත බිලිගත්තු 200කට වඩා තුවාල වෙච්ව් වැරදිකරු වෙලා අවුරුදු 200ක් හිරේට නියම උනු එල්ටීටීඊ සාමාජිකයාටත් ජනාධිපති සමාව ලබාදී තිබෙනවා.”
“මමත් ඔය එල්ටීටීඊ සැකකරුවන් එක්ක මැගසින් බන්ධනාගාරයේ හිටියා.ඒ මම රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉන්නකොට.”
“ක්‍රමානුකූලව ඒ අයට ජනාධිපති සමාව දීලා හෝ මේ අවුරුදු 15ක් 20ක් රිමාන්ඩ් බන්ධනාගාරෙ ඉන්න අයව නිදහස් කරන එකේ ගැටළුවක් නෑ අනිත් පැත්තෙන් රණවිරුවොත් යම් චෝදනාවන්ට ලක් වෙලා වැරදිකරුවන් වෙලා තියෙනවා.
ජනාධිපතිවරයා මේ අයටත් ජනාධිපති සමාව දෙනවානම් ඒක තමයි මේ වෙලාවෙ වියයුත්තෙ කියලා මම විශ්වාස කරනවා. මොකද මේ පරිච්ඡේදය අපි වහන්න ඕනෙ.ඒක වහනවනම් එල්ටීටීඊ ත්‍රස්තවාදීනට පමණක් සීමාවෙලා බෑ.රණවිරුවන්ටත් චෝදනාවක් තියෙනවානම් ඒ රණවිරුවන්ටත් ජනාධිපති සමාවදීලා මේ පරිච්ඡේදය අවසන් කරන්න ඕනෙ කියන එක මගේ විශ්වාසය.”
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…