file
මිනුවන්ගොඩ හොරම්පැල්ල ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය හා සැකකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබෙනවා.
මෙහිදී විශේෂ කාර්ය බලකාය එල්ලකළ වෙඩි පහරින් සැකකරු මියගිය බව පොලිසිය පවසනවා.
ඊයේ (19) රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා.
එහිදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද වෙඩි තබා ඇති අතර ඉන් තුවාල ලැබූ සැකකරු මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ අපරාධ කල්ලි සමාජිකයෙකුගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…