Wednesday, April 15, 2026
Homeදේශීයරටේ එක දේශපාලඥයෙන් ඇයව වර්ණනා කළාද?

රටේ එක දේශපාලඥයෙන් ඇයව වර්ණනා කළාද?

කල්පනා සෙව්වන්දි ඉපදුනේ 1984 දි ඈත එපිට හොරොව්පතානේ. තාත්ත කළේ හේන් ගොවිතැන්. එක පැත්තකින් අලි ඇවිදින් අ‍ටුව හූරාගෙන කද්දී, අනික් පැත්තෙන් කොටි ඇවිදින් ජීවිත හූරන් කනවා.

රටේ එක දේශපාලඥයෙන් ඇයව වර්ණනා කළාද?

එක වේලකින් ජීවිතේ පිරිමහගෙන කොහොමින් කොහොම හරි කල්පනා සා පෙළ A 10 ක් අරන් සමත් වුණේ හොරොව්පතානේ ඉස්කෝලෙට ගිහිල්ලයි. එහිදී පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලදීත් ඇය සිටියේ ඉදිරියෙන්මයි. ඒ ඉස්කෝලෙදිම උසස් පෙළ කළේ ජීව විද්‍යාව, A 3 යි. වෛද්‍ය උපාධිය හදාරන්න ඉහළින්ම හැකියාව තිබිලත් ඇය නෑදෑ හිතවතුන්ගේ දොස් කන්දරා මැද්දේ භෞතික විද්‍යා උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් හදාරන්නේ පුංචි කාලෙ ඉඳන්ම ඇයට ඈත ආකාසයේ තියෙන තාරුකා ගැන, මන්දාකිනි ගැන ඉගෙන ගන්න තිබුණ ආසාව නිසයි.

පළමු පන්තියේ සාමාර්ථයක් සහිතව ඇය BSc Physics (SP) ලබා ගන්නවා. අන්තර්ජාලය හරහා ඉන්දියානු ජාතිකයෙක් වන හැරිසන් චව්ලා සමග ප්‍රේම සම්බන්ධයෙක් ඇතිකරගෙන තිබූ ඇය උපාධිය ලැබීමෙන් පසු ඔහු සමග විවාහ වී ඔහුගේ දෙමාපියන් වෙසෙන එක්සත් ජනපදය බලා පිටත් වෙනවා.

එක්සත් ජනපදයට ගියාට පස්සේ ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. කතාව ගොඩක් දිග් ගැස්සෙන නිසා මම ඉතාමත් කෙටියෙන් කරුණු ටික කියන්නම්.

සිය ස්වාමි පුරුෂයා වූ මෝටර් රථ ව්‍යාපාරිකයෙක් වන හැරිසන් ඇයට කියල තිබුණේ දරුවො හදාගෙන ගෙදරට වෙලා ඉන්න කියලයි. නමුත් ඉගෙනීමට උපන් හපන් කම් තිබූ මේ හෙළ දියණිය ඇමරිකාවට ගිය වහාම ආචාර්ය උපාධිය හදාරන්න පටන් ගන්නවා. ඇයගේ ඩොක්ටොරේට් සබ්ජෙක්ට් එක වුණේ ක්වන්ටම් ‍ෆිසික්ස්.

බෝස් – අයින්ස්ටයින් සංසතික තත්ත්වය උපයෝගී කරගනිමින් ඇය විසින් නිර්මාණය කරන ලද අධි න්‍යෂ්ඨික අන්වීක්ෂයට ඇයට නාසා ආයතනයෙන් ලබා දෙන තරුණ ඉංජිනේරු රන් පදක්කම හිමි වුණා. එහිදී ඇයට මුන ගැසෙනවා නාසා ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුවරයා වන මහාචාර්ය ස්ටීවන් ශෙෆර්ඩ්ස් ව. තරුණ කල්පනාගේ හැකියාවන් දැක විස්මයට පත් වෙන මහාචාර්ය ශෙෆර්ඩ්ස් ඇයට හූස්ටන් ස්පේස් සෙන්ටර් එක වෙත ආරාධනා කරනවා.

READ:   පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 6කට අධිචෝදනා

එහිදී ඇයට නාසා ආයතනයෙන් ආරාධනාවක් ලැබෙනවා වුමන්ස් ස්පේස් ට්‍රේනිං ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න. සිය ස්වාමිපුරුෂයාගේ විරෝධයත් නොසලකා ඇය ඊට සම්බන්ධ වෙනවා. කුඩා කල සිටම ක්‍රීඩාවට දක්ෂතා තිබූ ඇය එම ප්‍රෝග්‍රෑම් එකේ පළමු ස්ථානය ලබන්නේ ඊට සම්බන්ධ වුණ ඇමරිකානු මැරීන් ඛණ්ඩයේ කාන්තාවන්ව පවා පරදවමින්.

25% ජෙන්ඩර් ක්වෝටා එක අනුව අවම වශයෙන් එක් කාන්තාවක්වත් අභ්‍යවකාශයට යැවිය යුතු අතර, සියලුම ප්‍රෝගෑම් වලින් පළමුව ලැබූ කල්පනා චව්ලාට (මේ වෙද්දී ඇය සිය ස්වාමිපුරුශයාගේ වාසගම භාවිතා කරයි) අභ්‍යවකාශ වරම් හිමි වෙනවා.

ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ අලුත් වැඩියාවන් සඳහා වාර්ෂිකව ගගනගාමීන්ව යැවීම සහ ආපසු ගෙන ඒම ඇමරිකාවත් රුසියාවත් සිදුකරනවා. ඒ අනුව පසුගිය වසරේදී අභ්‍යවකාශයට ගිය ඇය එහිදී අභ්‍යවකාශයට පා තබනවා.

අභ්‍යවකාශයට පා තැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ ඇයයි. යුනයිටඩ් ස්ටේස් ඇස්ට්‍රොනොට් බැජ් එක පපුවේ සවි කරගන්න හැකියාවක් ලැබුණ එකම ආසියාතිකයා වුණෙත් ඇයයි. නමුත් කියන්න කණගා‍ටුයි, මේක අපේ රටේ කිසිදු ජනමාධ්‍යයක් උත්කර්ශයෙන් වාර්තා කළේ නෑ. පුරුෂාධිපත්‍යයට ලක්ව තිබෙන ශ්‍රී ලංකාව නැමැති දිවයිනේ කාන්තාවක් මෙවැනි දෙයක් කිරීම ජනමාධ්‍ය ප්‍රධානීන්ගේ ඇස් වල ක‍ටු අනිනවා වගේ වෙන්න ඇති.

හූස්ටන් වෙත ඇමතූ කල්පනා එහිදී තමන්ගේ මව් බසින් කතා කරන්න අවසර ඉල්ලනවා.

“බෙග් යුවර් පාඩන් ඩිරෙක්ටර්, ඈස් ඉට්ස් මයි ස්පෙෂල් ඩේ, අයි ලයික් ‍ටු ස්පීක් ‍ෆිව් වර්ඩ්ස් ඉන් මයි මදර් ටන්ග්.”

“ඔෆ් කෝස් මිසිස් කල්ෆනා, ප්ලීස් ගෝ ඔන්” යනුවෙන් ඇයට පිළිතුරු ලැබෙනවා.

“මගේ ආදරණීය අම්මටයි තාත්ත්ටත් මට මේ අවස්ථාව ලැබීමට උදව් උපකාර කළ සියලුම දෙනාටත් මම ණයගැතියි. ශ්‍රී ලංකාවේ ඉන්න ඔයාල ඔක්කොමව මම ආදරයෙන් මතක් කරනවා…” ඇය කියද්දී ඇයට ඉතිරි ටික කියන්න නොහැකි වුණේ ඇය ඉතාමත් සංවේදීව සිටි නිසා.

අනතුරුව හුස්ටන් විසින් මෙසේ ප්‍රතිචාරය ලැබෙනවා, ඒ සංවාදය මෙලෙසයි.

“ආ යූ ඕකේ කල්ෆනා”
“ම්ම්ම් අයි හෑව් අ ප්‍රොබ්ලම්”
“වට්ස් ද ප්‍රොබ්ලම්?”
“නෙවර් මයින්ඩ්”
“වට්ස් රෝන්ග්?”
“නතින්ග්”
“ප්ලීස් ටෙල් අස්?”
“අයිම් ෆයින්”
“දෙන් වයි ඩිඩ් යූ සේ යූ හෑඩ් අ ප්‍රොබ්ලම්?”
“ප්ලීස් ලීව් මී අලෝන්”

READ:   ධීවර වරායවලටත් සීසීටීවී

ඒ ආකාරයෙන් කොතරම් සංවේදී අවස්ථාවකදී වුණත් තමන්ගේ ප්‍රශ්න අනෙක් අයට කියන්නේ නැතිව ඔළුව කෙළින් තියාගෙන කතා කරන්න ඇයට පුලුවන් කම ලැබුණේ අපේ රටේ අනෙකුත් කාන්තාවන් අනුව යමිනුයි.

පෙරලා පෘථිවියට පැමිණි කල්පනා සෙව්වන්දිව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු වීරවරියක් ලෙස වර්ණනා කරනවා. බලන්න ඇමරිකාවෙන් ඇයට එහෙම සලකද්දී අපේ රටේ එක දේශපාලඥයෙන් ඇයව වර්ණනා කළාද?

“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 23 කට ප්‍රථමයෙන් (1997) අරිසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය.”

කණිශ්ක සඳරුවන් රත්නායක

16 න් පහළ රචනා තරගය ප්‍රථම ස්ථානය.
(නිර්මාණාත්මක රචනයකි)

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්