Wednesday, April 22, 2026
Homeදේශීයවිදේශ රැකියා අපේක්ෂිතයින්ගේ සුදුසුකම් - රැකියා අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කරන IGRS වැඩසටහන...

විදේශ රැකියා අපේක්ෂිතයින්ගේ සුදුසුකම් – රැකියා අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කරන IGRS වැඩසටහන ග්ලෝකල් ෆෙයාර් 2023 දී ජනගත කෙරේ

file

විදේශ රැකියා සදහා පිටත්වීටම අපේක්ෂිත ශ්‍රමිකයින්ගේ සුදුසුකම්, රැකියා අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කරනු ලබන අන්තර්ජාලය පදනම් කරගත් වැඩසටහනක් (IGRS) සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනයේ සහාය ඇතිව ආරම්භ කරනු ලැබූ අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනයේ ආසියානු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ Sarah Lou Arriola අතින් එම වැඩසටහන යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පැවති ග්ලෝකල් ෆෙයාර් 2023 දී එය එළි දක්වනු ලැබීය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනය එක්ව අන්තර්ජාලය පදනම් කරගත් මෙ වැඩසටහන සකස් කර තිබේ.

මෙම වැඩසටහන අනුව විදේශ රැකියා සදහා පිටත්ව යාමට අපේක්ෂිත ශ්‍රමිකියන්ගේ සුදුසුකම් සහ විදේශ රැකියා අවස්ථාවන් සදහා අවශ්‍ය කරනු ලබන සුදුසුකම් සමපාත කිරීමට කටයුතු කරනු ලබන අතර, රැකියාවක් සදහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර නොමැති රැකියා අපේක්ෂිතයින් වෘත්තීය පුහුණු ආයතනවලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමටද නියමිතය.

ලෝකයේ වැඩිම ශ්‍රමික ඉල්ලුමක් සහිත ක්ෂේත්‍ර විස්සක් මූලික අදියරේදී මේ යටතට ඇතුළත් කරනු ලැබ ඇත. ඒ අතරම පළමු අදියරේදී විදේශ රැකියා අපේක්ෂිත රාජ්‍ය අංශයේ සේවකයින්ට රැකියාවක් සදහා අවශ්‍ය කරනු ලබන සුදුසුකම් සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහන ජනගත කිරීමේ අවස්ථාවට සංක්‍රමණය පිළිබද ජාත්‍යන්තර ආයතනයේ මෙරට ප්‍රධානී සරත් දාස් මහතාද එක්ව සිටියේය.

READ:   අතුරුදහන් යැයි කී 15 හැවිරිදි දැරියගෙන් වීඩියෝවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්