Tuesday, September 8, 2026
Homeදේශීයදරුවන්ට රහසේ මවගේ සිරුර ජලයේ පාවේ..

දරුවන්ට රහසේ මවගේ සිරුර ජලයේ පාවේ..

නොර්වුඩ් පොලිස් වසමේ කෙසෙල්ගමු ඔයට වැටී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ සෙන්ජොන්ටිලර්, නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

ඇය සැමියා හා දරුවන් තිදෙනා සමඟ ඔහුගේ නිවසේ සිට ඇති අතර මීට මාසයකට පමණ ඉහතදී හෘදයාබාධක් හේතුවෙන් දික්ඔය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇත.

ඉකුත් 17 වනදා රාත්‍රියේ ඇය නිවසියන් සමඟ නින්දට ගොස් ඇත. පසුදින (18) අලුයම සැමියා අවදි වී බලන විට ඇය නිවසේ නොසිටි බැවින් දරුවන් හා ප්‍රදේශවාසින් එක්ව සෝදිසි කිරීමේ දී නිවස අසල ගලා බසින කෙසෙල්ගමු ඔයේ සිරුර පාවෙමින් තිබෙනු දැක තිබෙනවා.

ප්‍රශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව මෘත ශරීරය ඥාතීන්ට භාර දී ඇත.

නොර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ කළු ජනවාරිය: "සගයිනි, කළු කළ ජනේරුවේ හදවත දල්වමි !"
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්