Saturday, June 6, 2026
Homeදේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගුටි කන්න ගිහින් නූලෙන් බේරෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගුටි කන්න ගිහින් නූලෙන් බේරෙයි..

මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් චානක්‍ය මහතාට පුද්ගලයෙකු පහරදීමට උත්සහ කර තිබෙනවා.

ඒ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ධාවනය වන පෞද්ගලික බස් රථවලට එරෙහිව අද (17) පැවති විරෝධතාවක් අතරතුර දී.

මෙම විරෝධතාවය මඩකලපුවේ පැවති අතර එහිදී මන්ත්‍රීවරයා පොලිසියේ ද සහය ඇතිව බස් රථවල බලපත්‍ර පරික්ෂා කර තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයා සිදුකිරීමට ගිය අදහස් දැක්වීමකදී පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට පහරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුව විරෝධතාකරුවන් ඔවුන් දෙදෙනාට පහරදීමට යෑමත් සමඟ නොසන්සුන්තාවයක් හට ගෙන තිබෙනවා.

මෙම උද්ඝෝෂණය මඩකලපුව පෞද්ගලික බස් රථ හිමියන් විසින් සංවිධානය කර තිබූ බවත් ඊට රාජමානික්කම් මන්ත්‍රීවරයාට ආරාධනා කර තිබූ බවත් වාර්තා වෙනවා.

file
file
file
file
READ:   ශ්‍රී ලාංකිකයෙකු පාකිස්ථානයේ දී ඝාතනය වීමේ සිද්ධිය ගැන එරට අගමැතිගේ දැඩි අවධානය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්