Wednesday, September 16, 2026
Homeදේශීයමිලියන ගාණකට වාලම්පුරියක් අලෙවීකිරීමට ගිය පිරිසක් අත්අඩංගුවට

මිලියන ගාණකට වාලම්පුරියක් අලෙවීකිරීමට ගිය පිරිසක් අත්අඩංගුවට

ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව තිබූ වටිනා වාලම්පුරියක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු ජා ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඟල් 14ක් පමණ දිග ඇති වාමාවර්ත කැරකී ඇති දුඹුරු සහ සුදු පැහැති වාලම්පුරියක් මෙලෙස විකිණීමට සුදානම් කර තිබූ බව පොලිසිය පවසනවා.

සැකකරුවන් පැමිණ සිටි කැබ් රථය හා යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඊයේ (12) සවස මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 30,32,48 සහ 59 යන වයස්වල පසුවන කිරිඳවල, නිට්ටඹුව, අංගොඩ හා මාලිගාකන්ද යන ප්‍රද්ශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට පත්වූ සැකකාරියන් වයස අවුරුදු 26 හා 58 යන වයස්වල පසුවන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියන් දෙදෙනෙකි.

සැකකරුවන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජා ඇල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

file
file
READ:   විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම ගැන අවදානයෙන් - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නියෝජ්‍ය කොමසාරිස්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්