Wednesday, July 29, 2026
Homeදේශීයඅඩු වියදමින් තායිලන්තයේ යන ඍජු ගුවන් සේවාව ඇරඹේ..

අඩු වියදමින් තායිලන්තයේ යන ඍජු ගුවන් සේවාව ඇරඹේ..

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර අඩුවියදමින් සෘජු ගුවන් සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම සේවාව ආරම්භ කරමින් ඊයේ (09) රාත්‍රියේ ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිවි – 140 යානය තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටුනායක වෙත පැමිණියා.

මෙම යානය එයාර්බස් වර්ගයේ ගුවන් යානයක් වන අතර එහි මගීන් 134ක් සහ කාර්යමණ්ඩල 07 දෙනෙකු පැමිණ සිටියා.

නැවත මගීන් 174 දෙනෙකු සමග ගුවන් යානය කටුනායකින් තායිලන්තය බලා පිටත්ව ගියා.

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සතියකට මෙවැනි ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ සඳුදා ,බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවලදී කටුනායක ගුවන්තොටුපොළෙන්.

රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ගුවන් යානය යළි රාත්‍රී 11.00ට තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.

READ:   සෝම හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් මර්වින් සිල්වාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්