දේශීය

ස්කොට්ලන්තයට එරෙහිව පෙරළිකාර ජයක් ලැබූ නෙදර්ලන්තය ලෝක කුසලානයට

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ස්කොට්ලන්තය හා නෙදර්ලන්තය අතර පැවති තරගය කඩුලු 04කින් ජය ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඒත් සමග නෙදර්ලන්තය මෙවර එක්දින ලෝක කුසලානය සඳහා අවස්ථාව හිමි කර ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 277ක් රැස් කළා.

එහිදී ස්කොට්ලන්තය වෙනුවෙන් Brandon Mcmullen ලකුණු 106ක් රැස් කළා.

Bas de Leede කඩුලු 05ක් දවා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 42කයි පන්දු 5කදී කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 278ක ඉලක්කය පසුකර ගියා.

විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ නෙදර්ලන්තයේ Bas De Leede 6 පහර 5ක් සහ හතරේ පහර 7 ක් සමග ලකණු 123ක් ලබා ගත්තා.

නෙදර්ලන්තය ජයග්‍රාහණය කර ගෙන ගිය Logan van Beek ලකුණු 33ක් රැස් කළා.

Recent Posts

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 hours ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 hours ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago