Friday, September 11, 2026
Homeදේශීයහෝටල් කාමරයක් තුළ 22 හැවිරිදි තරුණියක් ගෙල වැලලා මියයයි..

හෝටල් කාමරයක් තුළ 22 හැවිරිදි තරුණියක් ගෙල වැලලා මියයයි..

රක්වාන, මාදම්පේ,පනාවල ප්‍රදේශයේ ලැඟුම්හලක තරුණියක් ගෙල වැලලා මිය ගොස් ඇත.

පෙරේදා (04) සවස ඇය මෙලෙස මියගොස් සිටි බව පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රක්වාන, පුංචිබාරවත්ත, ස්ටබිඩන් වතුයායේ පදිංචි 22 හැවිරිදි තරුණියකි.

මියගිය කාන්තාවගේ පෙම්වතා බව කියන විසිතුන් හැවිරිදි තරුණයෙකු සමග ඇය මෙම ලැඟුම්හලට ගොස් තිබේ.

තරුණියගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අදාළ තරුණයා සහ හෝටල් හිමිකාරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය තරුණියගේ මරණ පරීක්ෂණය කහවත්ත රෝහලේදී සිදුකිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රක්වාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ශ්‍රී ලංකා බංගලි සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්