නිවාස ඉදිකර දෙන බවට හා ණය පහසුකම් මත නිවාස ලබාදෙන බවට ගිවිසුම් ලබාදී රුපියල් 19,215,000ක මුදලක් වංචා කිරීම සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

මොහු පුද්ගලික සමාගමක හිමිකරුවෙකු වන අතර ඔහුට විරුද්ධව පුද්ගලයින් 14 දෙනෙකු විසින් පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබේ.
ඒ අනුව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.
ඉහත ඡායාරූපයේ දැක්වෙන සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරි – 071 8591641
ස්ථානාධිපති, විශේෂ අපරාධ විමර්ශන අංශය – 011 2852556 / 071 8137373


