file
කිලිනොච්චි, උදයනගර් ප්‍රදේශයේ දී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
පෙරේදා (28) අලුයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 38ක් වූ කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා ඇත.
මෙම වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් ගනේෂපුරම් ප්‍රදේශයේ දී කිලිනොච්චිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදිය හා අපරාධයට යොදා ගත් බෙහෙත් කොටන ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරුවන් වයස අවුරුදු 22 හා 24 වයස්වල පසුවන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.
ඔවුන් අද (30) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…