Wednesday, April 22, 2026
Homeදේශීයනව ගුවන් හමුදාපති ධුරයේ වැඩ අරඹයි..

නව ගුවන් හමුදාපති ධුරයේ වැඩ අරඹයි..

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා නව ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාරගෙන තිබේ.

ඒ මෙරට 19 වැනි ගුවන් හමුදාපතිවරයා වශයෙන්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වත්මන් මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එයාර් මාර්ෂල් නිලයට අද (30) උසස් කිරීමෙන් අනතුරුව ඒ මහතා ගුවන් හමුදාපති ධුරයේ වැඩ භාරගෙන ඇත.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය අරඹා පසුව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය අවසන් කර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද්විතික අධ්‍යාපනය හදරා තිබේ.

1988 දී ඒ මහතා ජෙනරල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගනිමින් ගුවන් නියමුවෙකු ලෙස ඒ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකුට ලැබිය හැකි ඉහළම ශ්‍රේණිගත කිරීම වන “මාස්ටර් ශ්‍රීන්” ශ්‍රේණිගත කිරීමට එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා උරුමකම් කියයි.

මානුෂීය මෙහෙයුම් අතරතුර අතිදක්ෂ ප්‍රහාරක ගුවන්යානා නියමුවෙකු ලෙස ඒ මහතා කටයුතු කර තිබේ.

READ:   ජනපති ජපානයේ තෙදින නිල සංචාරය නිමා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්