Wednesday, August 26, 2026
Homeදේශීයඅරගලයේ පෙරමුණේ සිටි බුද්ධි අරගලයෙන් නික්ම යයි (VIDEO)

අරගලයේ පෙරමුණේ සිටි බුද්ධි අරගලයෙන් නික්ම යයි (VIDEO)

ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන ක්‍රියාකරුවෙක් වූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නැමති තරුණයා ඉකුත් 18 වනදා ඖෂධ අධි මාත්‍රාවක් පානය කර සියදිවි හානි කරගෙන තිබෙනවා.

නාත්තණ්ඩිය,මයිලව දුටුගැමුණු මාවතේ පදිංචි බුද්ධි ප්‍රබෝධ මෙලෙස මියයන විට 28 වන වියෙහි පසුවුණා.

ඔහුගේ මළ සිරුර මුල්ලේරියාව පොලිස් වසමේ බෝඩිමක් තුළ තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසුවා.

ඉකුත් රජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතළු රජය පලවා හැරීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ ගෝල්ෆේස් අරගලයේ පෙරමුණේ සිටි ක්‍රියාකාරියකු වන ඔහු ගෝල්ෆේස් අරගලය ආරම්භ කිරීමට පෙර පළමු අට්ටාලය ඉදි කළ පුද්ගලයා ද වන බවට තොරතුරු වාර්තා වෙනවා.

බුද්ධි ප්‍රබෝධගේ අවසන් කටයුතු ඊයේ (19) සවස ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

බුද්ධි ප්‍රබෝධ ගැන සැකසුණු විශේෂ විඩියෝව පහතින්,

READ:    ‘රුවිතේ විඳගන්න - එක්වෙන්න’ - ජය ශ්‍රී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්