Monday, April 20, 2026
Homeදේශීයමුව මස් පාර්සල් 30ක් එක්ක තිදෙනෙක් අත්අඩංගුවට

මුව මස් පාර්සල් 30ක් එක්ක තිදෙනෙක් අත්අඩංගුවට

යතුරු පැදි දෙකකින් සැකකරුවන් තුන්දෙනෙකු මුව මස් පාර්සල් තිහක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට මොරගොඩ වනජීවී නිලධාරීන් සමත්වී තිබෙනවා.

රිටිගල වනජීවි කලාපයට අයත් මොරගොඩ බීට්ටු වන වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කැකිරාව නාවක්කුලම ප්‍රදේශයේ දී කළ මාර්ගයේ ගමන් ගන්නා වාහන සෝදිසි මෙහෙයුමකදී යතුරුපැදි දෙකකින් පුද්ගලයන් තුන්දෙනෙකු මුව මස් පාර්සල් 30 ගලෙන්බිදුණුවැව ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබෙන අතර .අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මහ දිව්ල්වැව ප්‍රදේශයෙන් මිලදී ගත් මස් තොගය අලෙවි කිරීම සඳහා ගලෙන්බිදුණුවැව ප්‍රදේශයට රැගෙන යන බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිදුනුවැව කුණුගෝනෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන් දෙනෙකු වන අතර අද දින (20) සන්තකයේ හා පාලනයේ තබාගැනීම,මස් ප්‍රවාහනය යන චෝදනා යටතේ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කරන බව මොරගොඩ බීට්ටු වන වන ජීවී කාර්යාලය උසස් නිලධාරියකු ප්‍රකාශ කර සිටී.

මෙම මෙහෙයුම සඳහා වන සත්ව අඩවි සහකාර විජේසිංහ, / හේරත්, වන සත්ව නියාමක සුජිත්,කුමාරසිංහ,යන නිලධාරීන් එක්ව සිටී අතර සිදුවීමට අදාළ අදාළ ඉදිරි නීති ක්‍රියාමාර්ග මොරගොඩ බීට්ටු වන ජීවී වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් මගින් මෙහෙයවනු ලබයි.

READ:   දයාසිරිගේ කුණුහරුප වරුසාව ගැන තවත් හඬපටයක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්