Tuesday, May 26, 2026
Homeදේශීයඋණුසුම තවත් වැඩි වෙයි - ජනතාවට උපදෙස්

උණුසුම තවත් වැඩි වෙයි – ජනතාවට උපදෙස්

අද (20) දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ දැඩි අව් රශ්මියෙන් වැළැකීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙයි.

මේ දිනවල බොහෝ දිස්ත්‍රික්කවල වායුගෝලීය උෂ්ණත්ත්වය සෙල්සියස් අංශක 32ත් 36ත් අතර අගයක පවතින නමුත් ඊට වැඩි උෂ්ණත්වයක් මිනිස් සිරුරට දැනෙනු ඇති බවයි දෙපාර්තමේන්තුව පැවසුවේ.

උණුසුම් දර්ශකය අනුව එලෙස සිරුරට දැනෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ලබන අතර එය සැලකෙන්නේ අවධානය යොමු කළ යුතු තත්ත්වයක් ලෙසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   පලාලි ජාත්‍යන්තර ගුවන් ගමන් ජුලි 01දා සිට.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්