file
කඩවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය ව්‍යාජ ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පොලිසිය විසින් සෝදිසි කර ඇත.
කැනඩා රටෙහි අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම් ගැන ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අධිකරණය නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය විසින් මෙම සෝදිසි කිරීම සිදුකර තිබේ.
එහිදී එම මධ්‍යස්ථානයේ තිබී ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් පරිගණක 03ක්, ලැප්ටොප් යන්ත්‍ර 03 ක්, මුද්‍රණ යන්ත්‍ර 04ක්, ස්කෑන් යන්ත්‍රයක්, ව්‍යාජ තැන්පතු සහතික සහ ගිණුම් ප්‍රකාශන ඇතුළු භාණ්ඩ තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
විවධ නිල මුද්‍රා සහ මුදලින් රුපියල් 1,187,130ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් විසින් වීසා ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ගේ නමින් විවිධ වත්කම් ප්‍රකාශන, ස්ථාවර තැන්පතු සහතික හා ගිණුම් ප්‍රකාශන ව්‍යාජ ලිපි ශීර්ෂ යොදාගෙන නිකුත් කර ඇති බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 68ක් වූ සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාරියන් වයස අවුරුදු 47,45,31,28 හා 23 යන වයස්වල පසුවන වත්තල,රාගම හා කැලණිය ප්‍රදේශයන්වල පදිංචිකාරියන් වේ.
ඔවුන් අද (27) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…